2022 SLC ආරාධිත ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් Reds කන්ඩායම දිනාගනී.
අවසන් තරගයේදී ඔවුන් අතින් Blues කණ්ඩායම කඩුළු 7කින් පරාජයට පත්විය.
අවසන් තරගය අද (15) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වින. කල්දමනු ලැබූ LPL තරගාවලිය වෙනුවට ආරාධිත කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය සංවිධානය කලේය.
අවසන් තරගයේ මුලින් පන්දුවට පහරදුන් Blues කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුළු 6කට 136 රැස්කලේය. අශේන් බණ්ඩාර 40* , ලහිරු උදාර 37යි.මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුළු 2 බැගින් බිඳ හෙලීය. ජයග්‍රාහී Reds කණ්ඩායම පන්දුවාර 16.5 කදී කඩුළු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකලේ. නායක කුසල් මෙන්ඩිස් 56* ලසිත් කෲස්පුල්ලේ 25 යි.
අවසන් තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කෙරුණු අතර අසිත ප්‍රනාන්දු තරගාවලියේ වීරයා විය. කුසල් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම පිලිවෙලින් තරගාවලියේ දක්ෂතම පිතිකර සහ පන්දු යවන්නා ලෙස තේරී පත්විය.