ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග ගෙන් රුපියල් බිලියන දෙකක අලාභයක් ඉල්ලා නීති ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කරයි.
පසුගියදා දෙරණ නාලිකාවේ Big Focus වැඩ සටහනට සහභාගිවෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමයට හානි කරමින්, ශ්‍රී ලංකා විධායක සභාවට අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා කරමින් හිතාමතාම ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීම නිසා මෙම නීති පියවර ගැනීමට අදහස් කර ඇත.