සල්මන් රුෂ්ඩි හට ඉකුත් දින එල්ල වූ ප්‍රහාරයට තම රටේ කිසිදු සබඳතාවයක් නොමැති බව ඉරානය අවධාරණය කරයි.
පසුගිය සිකුරාදා (12) දින නිව් යෝර්ක් හි පැවති දේශනයක් අතරතුර දී සල්මන් රුෂ්ඩි ට පුද්ගලයකු විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර, දින දෙකක් පුරා ඔහුගේ ජීවිතය රැදුනේ ස්වසන යන්ත්‍රයක ආධාරයෙනි. අසාධ්‍ය තත්වයේ සිටි ඔහුගේ තත්වය ඊයේ වනවිට යම් තරමක් සුව වී තිබිණ.
සල්මන් රුෂ්ඩි ගේ බෙල්ල ,උදරය සහ මුහුනේ දරුණු කැපුම් තුවාල රාශියක් ඇති අතර අක්මාව දරුණ ලෙස තුවාල වී ඇත.
මේ අතර පහර දුන් 24 හැවිරිදි Hadi Matar නම් පුද්ගලයා සමඟ ඉරානය කිසිඳු සබඳතාවයක් නොමැති බවත් එසේ ප්‍රහාරයට ලක්වීමට වගකිව යුත්තේ රුෂ්ඩි ම බවත් ඉරාන බලධාරීහු පවසා සිටී
රුෂ්ඩි විසින් රචිත ද සැටැනික් වර්සස් (The Satanic Verses) නම් කෘතිය ඉස්ලාමීය සමාජයේ දැඩි කතා බහට ලක් වූ අතර වසර ගණනාවක් පුරා ඔහුට මරණ තර්ජන එල්ල වෙමින් තිබිණ. ඒ නිසාම ඔහු ඇමරිකාවේ අප්‍රසිද්ධ ජීවිතයක් ගතකලේය.