සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ලබන සතියේ යලි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් බොරතෙල් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.නෞකාවේ බොරතෙල් සාම්පල් පරීක්ෂාව අද දිනයේ සිදු කල අතර තවත් බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 120,000ක් රැගත් නෞකාවක් ලබන 23 සහ 29 අතර කාලය තුළ දිවයිනට පැමිනීමට නියමිතව තිබෙනවා.
සපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ මැද වන විට නැවත සක්‍රිය කිරීමට කටයුතු යොදා ඇති බව ද විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසා සිටී.
මේ අතර පසුගිය දිනවල පැවති ඉන්ධන ලබාගැනීමේ දිගු පෝලිම් ඉන්ධනහල් අසල දැන් දක්නට නොමැති බවත් ඉක්මනින් ඉන්ධන බෙදා හරිම සම්පුර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්වෙනු ඇති බවද බලශක්ති අමාත්‍යාංශය පවසයි.