ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන 2022 බංගලාදේශ සංචාරයට සහභාගී වීමට පහත දක්වා ඇති 18 දෙනෙකුගෙන් යුත් ජාතික සංචිතය ප්‍රකාශයට පත්කරයි.මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරග 02කට සහභාගිවීමට නියමිතය. ජාතික කණ්ඩායම 2022 මැයි 08 වන දින බංග්ලාදේශය බලා පිටත් වේ.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න - නායක , කමිල් මිෂාර , ඕෂද ප්‍රනාන්දු , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , ධනංජය ද සිල්වා,කමිඳු මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල දිනේෂ් චන්දිමාල් , රමේෂ් මෙන්ඩිස් , චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන් , කසුන් රාජිත , විශ්ව ප්‍රනාන්දු ,අසිත ප්‍රනාන්දු , ඩිල්ෂාන් මධුශංක , ප්‍රවීන් ජයවික්‍රම , ලසිත් ඇඹුල්දෙණිය
රොෂේන් සිල්වා මෙම සංචාරයේ මුල් සංචිතයට ඇතුළත්ව සිටි නමුත් පසුව ඔහු වෙනුවට කමිඳු මෙන්ඩිස් කණ්ඩායමට නම්කෙරිණ
යෞවන හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව මෙම සංචිතය නිකුත් කර ඇත.
AB