මල්වත්තෙන් වාරණයක්


ඉදිරියේදී කිසිදු දේශපාලනඥ‍යෙකු හමු නොවීමට සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි තීරණය කර ඇත. තමන් හමුවීමට කිසිදු දේශපාලනඥයෙකුට අවසර ලබා නොදෙන ලෙසයි මහා නාහිමියෝ සිය පාර්ශ්වයේ ඉහළ පෙළේ නාහිමිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ.

පවතින අර්බුදකාරී තත්වයෙන් රට මුදවා ගැනීම සඳහා වන යෝජනා 06 ක් ඇතුළත් ලියවිල්ලක් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනෙකු වෙත යොමුකර ඇති අතර මේ දක්වා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මහ නාහිමියෝ මෙම තීරණයට එළඹ තිබේ. 

සමගි ජන බලවේගය විසින් සකස් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිගැන්වීම ට  විපක්ෂ නායකයා පසුගියදා මහනුවරට ගිය නමුත් ඔවුන්ට මල්වතු මහ නාහිමියන් හමුවීමට අවස්ථාව උදා නොවීය. මේ අතර පසුගිය 29 වැනිදා මහනුවරට පැමිණි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකටද මහ නාහිමියෝ හමුවීමට අවස්ථාව හිමි නොවීය.

මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් හමු වී පවතින වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් තීරණය කර තිබෙනවා.
AB