පසුගිය දවසක විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ පාසල් යන කාලයේදී තමන්ට තිබුණේ එකම එක නිල ඇදුමක් පමණක් බවයි. මේ කතාවත් සමග විමල් වීරවංශ නැවතත් සමාජ මාධ්‍ය තුල විහිලුකාරයෙකු බවට පත්වුණේ, ඔහුගේ අතීත කතාවක්ද පටලවාගනිමිනි. ඒ ජවිපෙ දේශපාලනය කිරීම නිසා තමන්ට කවදාවත් සීගිරි යාමට නොහැකි වූ බව විමල් පාර්ලිමේන්තුවේදී කී කතාවද පටලවා ගනිමින් ය. විමල් ජවිපෙන් ඉවත්ව මහින්ද ලගට යාමට ගත් තීරණය එදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ හඬාවැටෙමින් ය.
විමල්ගේ මෙම කතා දෙක තුලින්ම මතුවන්නේ ඔහුගේ කුඩා සහ තරුණ අවධියේදී ඔහුගේ පවුල් ඒකකය වෙලාගෙන තිබූ දුප්පත් කමය. සමාජ මාධ්‍ය පවා විහිලු කලේ විමල්ගේ ඒ දුප්පත් කමටය.
නමුත් මෙම කතාවලින් මතුවෙන සැබෑ ප්‍රශ්න, ප්‍රශ්න කරන බවක් පෙනෙන්න නැත. විමල්ම ප්‍රකාශ කරන ආකාරයට ඔහුගේ ළමා සහ තරුණ කාලය ආර්ථික දුෂ්කරතා මැද ගෙවී ගොස් ඇත. ඔහු ජවිපෙ පූර්ණ කාලීනයෙකු බවට පත්වීමෙන් පසුවත් ඔහුගේ ආර්ථිකය ශක්තිමත් වීමට ක්‍රමයක් නැත.
ජවිපෙ පවසන්නේ ඔවුන්ගේ පූර්ණ කාලිකයන් සැප විදින්නන් නොව සමාජ ප්රතිසංස්කරණයක් වෙනුවෙන් දුක් විදින්නන් බවය. ජවිපෙ මංත්‍රීවරුන්ගේ වැටුප පවා පක්ෂ අරමුදලට බැරකරන පක්ෂයකින් විමල්ට අමතර ආදායමක් නොලැබුණ බව ජවිපෙ එකල ප්‍රකාශ කලේය. විමල් කිසිදිනක රැකියාවක් නොකල අතර මාවරමංඩියේ පොඩි කඩයක් කරගෙන ගිය බවත් පාර්ලිමේන්තුවේදී කීවේ ජවිපෙ මංත්‍රි බිමල් රත්නායකය. අතීතය එසේ තිබියදී විමල් වීරවංශ හදිසියේම ප්‍රකෝටිපතියෙක් වන්නේ කෙසේද? දුප්පත් තරුණ කාලයකුත්, දුප්පත් දේශපාලනයකුත් කල විමල් මහිදගේ දෑත් ශක්තිමත් කිරීමට යාමෙන් පසුව හිටි හැටියේම ආර්ථිකයෙන් ශක්තිමත් වූ ආකාරය සොයා බැලිය යුතුය. ප්‍රශ්න කලයුතුය. ඔහුගේ අතීත දුප්පත් කමට හිනාවෙනවා වෙනුවට මහින්දගේ ඔඩොක්කුවේ ලැග රන් මසුරන් එකතුකරගත් ආකාරයට සිනාසිය යුතුය.