ගෘහ සේවයේ යෙදීම සදහා සහ වෘත්තීය පුහුණුවක් නොමැති රැකියා සඳහා කාන්තාවන් විදෙස්ගත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි 2022.11.11. දින සිට නතර කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර ඇත. ඒ පිලිබඳව නිවේදනයක් නිකුත්කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ රැකියා නියෝජිත ආයතන මගින් සංචාරක වීසා මත විදෙස් ගත කල කාන්තාවන් විවිධ හිරිහැර වලට ලක්වන බවට තොරතුරු වාර්තාවී ඇතිබවයි.
විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මත පිටත්ව ගිය කාන්තාවන් මේවනවිට ලිංගික වහල් සේවයේ යොදවා ඇති බවට පුවත් පලවීමත්, ඔවුන් සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට කිසිම ආයතනයක් කටයුතු නොකිරීමත් හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම තීරණය ගෙන ඇත.