සජිත් ප්‍රේමදාස නැවත එජාපයට එන බවට ප්‍රවෘත්තියක් පලවූ සැනින් පිරිසක් සතුටු වූ අතර තවත් පිරිසක් නොසතුට පලකලහ. සමාජ මාධ්‍යය තුල පවා එම ප්‍රවෘත්තියට ලබාදී තිබූ ප්‍රතිචාර මේ සතුට හා නොසතුට පිලිබඳ හොද අවබෝදයකට ඉඩ වෙන්කර තිබුණි. සතුටු වූ පිරිස් අතර ජවිපෙත්, ඩලස්ගේ කණ්ඩායමත්, විමල්ගේ කණ්ඩායමත්, සරත් ෆොන්සේකා ප්රමුඛ කොටගත් පෙරටුගාමී පක්ෂයත් පෙරමුණේම සිටිති. නොසතුට පලකල පිරිස අතර පෙරමුණේ ම සිටින්නේ එජාප පාක්ෂිකයන් , සජබ යට ගොස් සජිත් එපාවී නැවත එජාපයට පැමිණි පිරිසත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල විශ්වාසකොට පොහොට්ටුව හා ජවිපෙ අතහැර රනිල්ගේ දේශපාලනය විශ්වාස කරන පිරිසත් ය. සජිත් එජාපයට සම්බන්ධ වනවාට සතුටුවන කණ්ඩායම්වල නායකයින්ට ඒ සදහා ප්‍රධානතම හේතුව වී ඇත්තේ මීලඟ මැතිවරණයේදී විපක්ෂ නායක ධූරය පිලිබදව තම තමන් තනි තනිව සිහින දැකීමයි. එම කණ්ඩායම් වල ප්‍රධාන අනුගාමිකයන් කල්පනාකරන්නේ සජිත් නැති තැන පොදු විපක්ෂයක් ලෙස ඉදිරියට යාම ඉතාම පහසු බවයි.
විපක්ෂයෙන් එලබෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවත් සජිත් ප්‍රේමදාස ඒසදහා තෝරාගැනීමට විපක්ෂයේ කිසිම කණ්ඩායමක් සූදානම් නැත. එනිසා විපක්ෂ නායක ලෙස සිටින සජිත් ප්‍රේමදාස නැවත එජාපයට යන්නේ නම් විපක්ෂයේ සියලු කණ්ඩායම් ඒසදහා සතුටුවන බවක් පෙනෙයි.
සජිත් නැවත වතාවක් එජාපයට සම්බන්ධ කරගැනීමට එජාප පාක්ෂිකයන් දැඩි විරෝධයක් දක්වති. පසුගිය මහ මැතිවරණයේදි කිසිම පක්ෂයකට ඡන්දය නොදී ගෙදර නතරවුන විසි ලක්ෂයකට වැඩි එජාප පාක්ෂිකයන් මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිලිවෙල සමඟ සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන අතර ඔවුන්ද සජිත් නැවත එජාපයට සම්බන්ධ කරගැනීමට විරෝධය පලකරති. එජාපයේ ගමන්මග අතරමග නතරකොට පක්ෂයටත් රටටත් මෙවැනි කාලකන්නි යුගයක් උරුමවුණේ සජිත් ප්‍රේමදාස ගේ බල ලෝබී දේශපාලන ක්‍රියා නිසා බව ඔවුන්ගේ අදහසයි.
රටත් පක්ෂයත් මේ වනවිට හරිමග ගමන් ආරම්භ කර ඇති මොහොතක නැවත සජිත් ප්‍රේමදාස පක්ෂයට සම්බන්කර ගැනීමෙන් විශාල විනාශයක් ඇතිවිය හැකිබව ඔවුන්ගේ අදහසවී තිබේ. සජබයෙන් සජිත් එපාවී පැමිණි පිරිසටත්, පොහොට්ටුවේ හා ජවිපෙ සාමාජිකයන්ටත් සජිත් ප්‍රේමදාස නයාට අඳුකොල තත්වයට පත්ව තිබේ. එනිසා සජිත් එජාපයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත්, එජාපයේ දොර සජබයේ ඕනෑම මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් විවෘතව තිබුණත්, සජිත් වෙනුවෙන් නම් ඇරෙන පාටක් නැත.