ජෝසප් ස්ටාලින්ගේ සාරි කතාව අද වනවිට රටම දන්නා කරුනක් වුවත්, ඒ හරහා අලුත් කතාවක් සමාජ මාධ්‍යය හරහා එලියට පනිමින් තිබේ. ගුරුවරියන්ගේ සාරිය මුලින්ම ගලවන්න ගලවන්න හැදුවෙ ජෝසප් ස්ටාලින් නොව යහපාලන ආණ්ඩු කාලයේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කල අකිල විරාජ් කාරියවසම් බව සමාජ මාධ්‍යය තුල සමාජ මාධ්‍යය පකීර්ලා විසින් මේවනවිට පතුරවමින් සිටියි. නමුත් අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයා ලෙස චක්‍රලේකයක් නිකුත් කලේ, ගැබිනි ගුරුවරියන්ට පාසල් පැමිණීමේදී සාරිය හෝ ඔසරිය අනිවාර්ය නොවන බව සදහන් කරමිනි. ගැබිනි ගුරුවරියන් පහසු ඇදුමකින් සැරසී පාසල් පැමිණීම වරදක් නොවන බවට එදා අකිල නිකුත් කල චක්‍රලේකය අදටත් අවලංගුවී නැත.
සාරියක් මිලදී ගැනීමට අධික මුදලක් වැයවන බව පවසා ජෝසප් ස්ටාලින් ගුරුවරියන්ට වෙනත් ඇදුම් ඇදීමට අවසර ඉල්ලමින්, ඔහු ඇදුම් විලාසිතා කිහිපයක්ද ඉදිරිපත් කිරීමත් සමග ස්ටාලින්ගේ මේ ක්‍රියාවලිය හාස්‍යට ලක්ව තිබේ. ඔහු ඉදිරිපත් කරන විලාසිතාවේ අදුමක් මිලදි ගැනීමට සාරියක් මිලදී ගැනීමට යන මුදලටත් වඩා වැඩි මුදලක් අවශ්‍ය බව මේ රටේ සෑම පුද්ගලයෙක්ම හොදින්ම දනිති. ස්ටාලින්ලා මේ කරමින් යන්නේ නැති අර්බුධ ඇති කරමින් රට අස්ථාවර කිරීමේ මෙහෙයුමක් බව දැන් සෑම පුගලයෙක්ම අවබෝධ කරගනිමින් සිටිති. ස්ටාලින්ලා ගේ දේශපාලන උවමනාවන් පිරිමසා ගැනීම වෙනුවෙන් හෙට දවසේදී පාසල් දරුවන්ටත් නිල ඇදුමක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කලොත් ඒ ගැනත් පුදුම විය යුතු නැත.