සජිත් ප්‍රේමදාස 2025 ජනාදිපතිවරණ පොර පිටියෙන් ඉවත්කිරීමේ මෙහෙයුමක් සරත් ෆොන්සේකා විසින් ආරම්භකර ඇතිබවට වාර්තා වෙයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උපකාරය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ජනතාව ගැවසෙන පොදු ස්ථනවලදී සජිත් ප්‍රේමදාස අපහසුතාවයට පත්වන ලෙස උසුලු විසුලු කරමින් ඔහු මානසික පීඩනයකට ලක් කොට ජනාධිපතිවරණ සටනින් ඉවත් කිරීම සරත් ෆොන්සේකා ගේ අරමුණ වී තිබේ.
ගෝඨාභයගෙන් අගමැතිකම බාර නොගැනීමත්, පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණය මග හැරීමත්, තුලින් සජිත්ගේ බියගුලුබව ප්‍රදර්ශනය වන බවත්, එනිසා දිගින් දිගටම සජිත් ප්‍රේමදාස අපහසුතාවයට පත්කිරීම හරහා ඔහු දේශපාලනයෙන් ඉවත් කිරීමට හැකි චරිතයක් බවත් ෆොන්සේකා ගේ නිගමනය වී තිබේ. එබැවින් පොදු අරගල හා උද්ඝෝෂණ වලදී සජිත් ප්‍රේමදාසට හූ තියා පන්නාදැමීමට කටයුතු කරනලෙස සරත් ෆොන්සේකා පෙරටුගාමීන්ගෙන් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තාවෙයි.