හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාව කිසිඳු මැතිවරණයකට සම්බන්ධ කර නොගැනීමට පොදුජන එක්සත් පෙරමුණ තීරණය කරන තිබෙන බව පක්ෂයේ විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරීන් සහ මන්ත්‍රීවරුන් පිරිසකගේ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එම යෝජනාව සඳහා රාජපක්ෂ පවුලේද පූර්ණ සහයෝගය ලැබී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.
ජනතා විරෝධය හමුවේ පලා ගිය ඝෝඨාභය රාජපක්ෂ නැවත ජනතාව අතරට ගෙන යාමට නොහැකි බැවින් ඉන් කිසඳු ආකාරයක ජනතා ප්‍රසාදයක් ගොඩනැගිය නොහැකි යැයි මහින්ද හිතවාදී පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පෙන්වා දී තිබෙනවා.