08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

රනිල් කියන්නේ පුදුම එකෙක්

රනිල් කියන්නෙ ඩීල් කාරයෙක්. ඔව්, රනිල් ඩීල් තමයි. බහුතරයක් හිතනවා රනිල්ගේ ඩීල් එක රාජපක්ෂලත් එක්ක කියලා. ඉතාම සුළුතරයක් තමයි විශ්වාස කරන්නෙ රනිල්ට ඩීල් එක තියෙන්නෙ රටේ පොදු මහජනතාවත් එක්ක කියලා. 

ඇත්තටම රනිල්ට ඩීල් එක තියෙන්නේ කාත් එක්කද? රනිල්ගේ දේශපාලන ගමන මොන වගේද ? මේ අපබ්‍රංශය තේරුම්ගන්න පුලුවන්ද? 

රනිල්, සිරිසේනව දිනවල ජනාධිපති කලා. ඒ එක්කම දහනමවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ත් ගෙනාවා. හැමෝම කිව්වෙ රනිල් මාර බඩුවක් කියලා. එහෙම කිව්වෙ ඇයි. රනිල්ට කවදාවත් ජනාධිපති වෙන්න බෑ, ඒ වුනාට අගමැති වෙන්න පුලුවන්, ඒනිසා විධායකයෙ තටු කපලා අගමැති ගෙ බලය ශක්තිමත් කලා, පාර්ලිමේන්තුවට බලය ගෙනාවා, අපේ ලොක්ක ගැහුව මාර ගේමක්. යූඑන්පී කාරයො කිව්වෙත් එහෙම. සිරිසේනට දහනවයෙ ඉංග්‍රීසි පිටපත දීල සිරිසේනවත් ගොනාට අන්දලා , දහනවයෙන් රනිල් තමන්ට බලය ගත්ත කියල තමයි යූඑන්පී කාරයොත් හිතුවෙ. එහෙම තමයි එයාල කියන්නෙ. සිරිසේනත් ඒකාලෙ කිව්වෙ එයාව රවට්ටල රනිල් දහනවය ගෙනාව කියල. 2018 ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් හොට පටලව ගත්තට පස්සෙ තමයි සිරිසේන එහෙම කියන්න ගත්තෙ. 

ඇත්තටම රනිල් එහෙම බඩුවක් ද? තමන්ට විධායක ජනාධිපති වෙන්න බැරි හින්දා රනිල් විධායකයෙ තටු කපන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනම්, රනිල් විධායක පුටුවෙ ඉන්නකොටම විසිදෙක ගේන්නෙ ඇයි? අනුන් ගාව තියෙන බලයක් තමන් ලඟට ගන්න රනිල් දහනවය ගෙනාව කියල ඒ කාලෙ හිතපු අයට දැන් කොහොම හිතෙනවා ඇත්ද? තමන් ලඟ තියෙන බලය වෙනකෙනෙකුට පවරන්න රනිල්ට පිස්සුද? රනිල් ඇයි එහෙම කළේ? 

එහෙනම් රනිල් කියන්නෙ බහුතරයක් දෙනා මතුපිටින් දකින කෙනා නෙවෙයි. තමන්ට බලය තිබුණත් නැතත් රටේ පොදු ජනතාව වෙනුවෙන් තීරණ ගන්න පොරක් තමයි රනිල්. එදා දහනවය ගෙනාව රනිල්, මෙදා විසිදෙක ගෙනත් ඔප්පු කලේ ඒක. විසිදෙක ගේන තුරුම බහුතරයක් හිතුවෙ රනිල් දහනවය ගෙනාවෙ සිරිසේනගෙන් තමන්ට බලය ගන්න කියල. "රනිල් එක්ක සෙල්ලං බෑ, මිනිහ හෙන නරියා, පේනවනෙ සිරිසේන ගොනාට අන්දලා බලය තමන්ට ගත්ත හැටි." එදා පක්ෂ විපක්ෂ හැමෝම හිතුවෙ එහෙම. 

ඉතිං රනිල්ගෙ ඩීල් එක තාමත් තියෙන්නෙ රට වෙනුවෙන් නෙවෙයි, රාජපක්ෂල එක්ක කියල හිතන්න පුලුවන්ද ? තාමත් හිතෙනවනම් මේ ටිකත් ඉස්සරහට කියවගෙන යන්න. 

2010 දි දහ අටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවෙම රාජපක්ෂලගෙ බලය සදාකාලික කරගන්න. දෙවතාවකට වඩා ජනාධිපති ධූරය දරන්න බෑ කියල තිබුණ ව්‍යවස්ථාවෙ වගන්තිය, ඕනෑ තරම් වාරගනනක් පුලුවන් කියලා සංශෝධනය කරගත්තෙ මහින්ද රාජපක්ෂ ට නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕන නිසා. බලය අතාරින්න එයාල අකමැති නිසා. හැබැයි 2015 දි රනිල් මොකද කලේ. දහ අටට උස්සපු අත්ම උස්සවලා දහනවය ගෙනාවා. තමන්ගෙ බලය වෙනුවෙන් දහ අට හදපු මහින්ද ගෙ අතත් දහනවය ට උස්සවන්න රනිල්ට පුලුවන් වුණා. රාජපක්ෂලගෙ අවිචාරවත් දේශපාලනයට වැට බැන්දා. ඒක කොච්චර දරුණුවට කලාද කියනවනම්, දිවිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න බෑ කියල නීතියකුත් සම්මත කරගෙන, රටටම පිළිලයක් වුණ බැසිල්ට 2015 දි පාර්ලිමේන්තු එන්න තිබුණ ඉඩ අහුරලා දැම්ම. එහෙම බලපුවම ඔය සමහරු කියනව වගේ රනිල්ගෙ හරි නම, රනිල් රාජපක්ෂ ද, රනිල් වික්‍රමසිංහ ද? 

ඊලඟට 2018 ඔක්තෝම්බර් කුමන්ත්‍රණයෙන් රනිල්ගෙ අගමැතිකම මහින්ද උදුරගත්තා. එදා රනිල් බකං නිලං හිටියෙ නෑ. තමන්ම පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගත් නීතිය හොදටම දන්න රනිල්, මේ කුමන්ත්‍රණයට විරුද්ධව සටන් කලා. අන්තිමට මොකද වුණේ. මහින්ද අගමැතිකම දාලා පස්සෙ දොරෙන් ගෙදර ගියා. ඒ සිදුවීම හරියට මතක කෙනෙකුට කියන්න පුලුවන්ද රනිල් , රාජපක්ෂලත් එක්ක ඩීල් කියලා. 

නැවත වතාවක් රාජපක්ෂල තමන්ගෙ බලය තහවුරු කරගන්න, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒක ගේනකොට විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා, බොරුවට උඩුබිරුවට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න පුලුවන් කියලා ගේන යෝජනාවට තමන් විරුද්ධයි කියලා, අන්තිමට උන්නැහෙලත් අත් උස්සලා විස්ස සම්මත කලා.  බැසිල් පාර්ලිමේන්තුත් ආවා. රටත් ඉවර කලා. කිසිකෙනෙකුට උත්තර නැති ප්‍රශ්න ගොඩක රට අතරමං කලා. 

රට හදන්න බලය දෙන්න කියන සජිත්ලට, අනුරලට, ෆොනීල ට රට බාරගන්න ගෝඨා එන්න කියද්දිත් එයාල හැංගුනා. එයාල විශ්වාස කරලා, එයාලට ඡන්දෙ දීපු අය, බලාගෙන හිටිය අපේ නායකය රට බාර අරගෙන, වේදිකාවල කියන විදියටම රට සුරපුරයක් කරයි කියල. ඒත් හැමෝම හැංගුන වෙලාවෙ රට බාරගත්තේ රනිල්. ඒ රනිල් තමයි විස්සට උස්ස්පු අත් බහුතරයක් විසිදෙකට පක්ෂව උස්සවලා නැවත වතාවක් රාජපක්ෂලගෙ අවිචාරශීලී දේශපාලන මග අහුරලා දැම්මෙ. ඉතිං රනිල්, රාජපක්ෂලගෙ හෙවනැල්ලද? එහෙම නැත්නම් මහින්ද කලුතර රැස්වීමෙදි කිව්ව වගේ රනිල්, මහින්දලගෙ ගොඩේ කියලා ඔලුවෙ අමාරුවක් නැති කෙනෙකුට නිකන්වත් හිතෙනවද? 2005 දි එල්ටීටීඊ එකයි, ජවිපෙයි එකතුකරගෙන කොටින්ට සල්ලිත් දීල රනිල්ව පරද්දපු මහින්දත් එක්ක එදා මෙදා කවදා හරි ඩීල් එකක් තිබුණා කියලා හිතන්නවත් පුලුවන්ද ?  මේ දේශපාලනයෙදි රාජපක්ෂලගෙ අවිචාරවත් දේශපාලනයට අභියෝග කලේ රනිල් විතරයි. අනිත් හැමෝගෙම තිබුණේ විසිල් විතරමයි.