යෝජිත බදු සංශෝධන මගින් රජය කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා ඉහළ නංවා තිබෙනවා. කැසිනෝ සඳහා ලියාපදිංචි ගාස්තුවකුත් අයකිරීමට නියමිතයි. ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවකට ඇතුළුවීමේදී ගෙවිය යුතු ගාස්තුව අමෙරිකානු ඩොලර් 200 ක් ( රු. 72,000 කට වඩා ) දක්වා ඉහළ නංවා තිබෙනවා.
ඒ වගේම සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවෙනවා. ඒවායේ පිරිවැටුම මත අයකෙරුණු බද්දත් 10% ඉඳන් 15% දක්වා වැඩිකෙරෙනවා.
සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 75,000 දක්වා වැඩිකිරීමට යෝජිතයි. ඒ වගේම ඒවායේ ව්‍යාපාර ලාභයෙන් 40% ක් ආදායම් බද්දක් ලෙස අයකිරීමට නියමිතයි.
රජය මධ්‍යසාර බෝතලයකින් 75% ක බද්දක් අයකරන අතර දුම්වැටියකින් 85% ක බද්දක් අයකෙරෙනවා. එම ආයතන ලාභයෙන් 40% ක් ආදායම් බද්දක් ලෙස අයකිරීමටද පියවර ගෙන තිබෙනවා.