08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපා

ඉටුකම  “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

“කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” නමින් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ පවත්වාගෙන යනු ලැබූ අංක 85737373 දරන නිල බැංකු ගිණුම 2022 ඔක්තෝබර් මස 18 වන දිනෙන් පසු ක්‍රියාත්මක නොවන බව කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම් ආචාර්ය තාරක ලියනපතිරන මහතා සඳහන් කළේය. 

එබැවින් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසත්, එම ගිණුමට බැර කිරීම සඳහා තවදුරටත් චෙක්පත් හා මුදල් ජනාධිපති කාර්යාලය වෙත යොමු නොකරන ලෙසත් පරිත්‍යාගශීලින්ට දැනුම් දෙයි.

කොවිඩ් 19 වසංගත අවස්ථාවේදී දිවයින තුළ ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සාර්ථක කර ගැනීම සඳහා පරිත්‍යාගශීලි ජනතාව ලබාදුන් දායකත්වය කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ලේකම්වරයා අගය කළේය.

කොවිඩ් අරමුදල සඳහා රුපියල් දෙසිය විසිකෝටි හැත්තෑ එක් ලක්ෂ හැට හතරදහස් හත්සිය අසූ පහයි ශත පනස් අටක් (රු. 2,207,164,785.58 ) පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ගිණුමට ලැබී ඇත.

පී සී ආර් පරීක්ෂණ,  දැනුවත් කිරීමේ වැඩසටහන්,  නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැපයීමට, ජාතික එන්නත්කරණ වැඩසටහන, දැඩි සත්කාර ඒකක සඳහා ඇදන් මිලදී ගැනීම සහ ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන්  රුපියල් එකසිය අනූ නව කෝටි හැත්තෑ පන් ලක්ෂ හැටනවදහස් හාරසිය පනස් හයයි ශත පනස් හයක් (රු. 1,997,569,456.56) මෙම අරමුදලේ මුදල්  වැය කර තිබේ.

2022 ඔක්තෝබර් 18 වැනිදා වන විට කොවිඩ් අරමුදලේ ඉතිරිව ඇති  මුදල් ප්‍රමාණය රුපියල් විසි එක්කෝටි හැට අට ලක්ෂ හැත්තෑ හත්දහස් හාරසිය තිස් එකයි ශත පහක් (රු.216877431.05) වන අතර, එය ජනාධිපති අරමුදලට බැර කිරීමට කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා පුරවැසියන්හට ජනාධිපති අරමුදල මඟින් සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම සිදු කරනු ලබයි.