ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්තාපිත බලය ලැබෙන පළමු අවස්තාවේදී ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීමේ සූදානමක් ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.
දිනේෂ් ගුණවර්ධන පොහොට්ටුවේ සාමාජිකයෙක් නොව මහජන එක්සත් පෙරමුණේ සාමාජිකයෙක් බැවින් ඔහු අගමැතිධූරයෙන් ඉවත්කොට බැසිල් රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කර ගැනීමට පොහොට්ටුව සූදානම් වෙයි. නාමල් රාජපක්ෂට, රෝහිත අබේගුණවර්ධනට, ජොන්ස්ටන් ප්‍රනාන්දුට, මහින්දානන්ද අලුත්ගමගේට ඇමති ධූර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ට කෙරෙන බලපෑම් හා විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයට පාර්ලිමේන්තුවේ බහුතරයක් අකමැත්ත ප්‍රකාශ කිරීමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අවස්ථාවාදී බලලෝභී දේශපාලනයක නිරත වීමත් හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම තීරණය ගැනීමට සූදානම් වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මෙම අසීරු අවස්ථාවේදීත් රටේත්, ජනතාවගේත් ප්‍රශ්නවලට විසදුම් සොයනවා වෙනුවට පටු දේශපාලන වාසි වෙනුවෙන් වැඩකරන මහජන නියෝජිතයන් හා දේශපාලන පක්ෂ පිලිබදව තීරණයක් ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීම සුදුසු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.