දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සුදු සැරයැටි 300 ක් දෘශ්‍යාබාධිත සංගමය වෙත සංකේතාත්මකව ලබාදීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර, ජාත්‍යන්තර සුදු සැරයැටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම්වරයාට කොඩියක් පැලදවීමද එම අවස්ථාවේදී සිදුවිය.
එහිදී ජනාධිපති ලේකම්වරයා සඳහන් කලේ ඉදිරියේදී දෘශ්‍යාබාධිත පිරිස් මුහුණ දෙන ගැටලුවලට ජනාධිපති කාර්යාලය සෘජුවම මැදිහත්වී විසදුම් ලබාදෙන බවයි.