අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පලාගිය විට වැඩ බලන ජනාධිපති ධූරයට පත් රනිල් වික්‍රමසිංහගෙන්, ජී.එල්. පීරිස් අගමැතිකම ඉල්ලාසිටි බව වාර්තා වෙයි.
තමන්ගේ සහයෝගය අවශ්‍ය නම් තමන්ට අගමැති ධූරය ලබාදෙන ලෙසත්, එසේ නොකරන්නේ නම්, පොහොට්ටුවේ මංත්‍රී කන්ඩායම දෙකට බෙදා සජිත් ප්‍රේමදාස ට වාසිවන ආකාරයට කටයුතු කරන බවද පවසා ඇත. (එම අවස්ථාව වනවිට සජිත් ප්‍රේමදාස ජනාධිපති තරඟයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබුණි.)
ජී. එල්. ගේ යෝජනාවට රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ තමන් පාර්ලිමේන්තුවේ තනි මංත්‍රීවරයෙක් මිස කණ්ඩායමක නායකයෙක් නොවන බවයි. සර්වපාක්ෂික ආණ්ඩුව ක් පිහිටුවීම තමන්ගේ අරමුණ බවත්, එහිදී සියලු පක්ෂ එකඟවන මංත්‍රීවරයා අගමැතිවරයා ලෙස පත්කිරීමට තමාට සිදුවන බවත් රනිල්, ජී.එල් ට පවසා ඇත. සර්වපාක්ෂික ආණ්ඩුව ක් පිහිටුවීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පක්ෂයෙන් ඉදිරිපත් කරන මංත්රීවරයාට අගමැති ධූරය ලබාදීමට සිදුවන බවත්, ඇමතිකම් ලබාදීමට සිදුවන්නේද ඒ ඒ පක්ෂ නම්කර එවන මංත්‍රීවරුන්ට මිස තමාගේ කැමැත්තට නොවන බවද රනිල් පවසා ඇත. ඔබතුමා පක්ෂ සභාපතිවරයා බැවින් ඒ ඒ අය සමඟ කතාකොට තමා දැනුවත් කරන ලෙස රනිල් පවසද්දී, තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ඨ නොවන බව දැනගත් ජී.එල්. පීරිස්, රනිල්ට පවසා ඇත්තේ තමන් නියත වශයෙන් ම සජිත් දිනවීමට කටයුතුකරන බවය.