පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 50% කින් අඩුකරන පනතක් ගෙන එන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය. මේ ප්‍රකාශය නිසා විපක්ෂයේ පාර්ශ්ව සියල්ලම කලබල වී ඇත්තේය. විපක්ෂය කියන්නෙ අලුත් පනතක් ගැන රනිල් කතාකරන්නෙ පළාත් පාලන ඡන්දය කල් දැමීමට බවය.
2018 පෙබරවාරි 10 වනදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදි තේරී පත්වන සභික සංඛ්‍යාව 50% වඩා වැඩි අගයකින් ඉහල ගිය අතර , එසේ සභික සංඛ්‍යාව ඉහල යන ලෙස පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කලේ රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දැරූ යහපාලන ආණ්ඩු කාලයේය. එම සංශෝධනය සිදු කිරීමට පෙරත් වසර තුනක පමණ කාලයක් පළාත් පාලන ආයතන තිබුනේ කොමසාරිස් පාලනයක් යටතේය . ඉන්පසුව මැතිවරණයක් පවත්වා සභිකයින් තෝරාගත් අතර, එම සභිකයින් ගේ ධූර කාලය අවසන් වීමට තිබුනේ පසුගිය මාර්තු 20 වනදාය. නමුත් එම ධූර කාලය අවසන් නොකොට වසරක කාලයක් සදහා පළාත් පාලන ආයතන වල කාලය දීර්ඝ කලේ පළාත් පාලන ඇමතිවරයා ය. දැන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සූදානම් වන බවට චෝදනා කරන ජී එල් පීරිස්ලා, ඩලස් අලහප්පෙරුමලා, එදා ඒ ආණ්ඩුවේ පකීර්ලාය. නමුත් ඔවුන් එදා "නැට්ට දෙපැරැන්ද අස්සේ ගහගත් බල්ලන්" මෙන් සිටියා මිස පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරුද්ධව වචනයක් කතා කලේ නැත.
නමුත් අද අප විමසා බැලිය යුත්තේ ඡන්දය කල් දමා හෝ විසදාගතයුතු ගැටලු පිලිබඳවය. යහපාලන ආණ්ඩු කාලයේදී වසර තුනක කොමසාරිස් පාලනයෙන් මිදුන පළාත් පාලන ආයතන ඉන්පසුව ප්‍රගතියක් ලබා තිබේදැයි විමසා බැලිය යුතුය . පළාත් පාලන ආයතන නියෝජිතයන් නඩත්තු කිරීම වෙනුවෙන් පමණක් පළාත් පාලන ආයතන ය විශාල මුදලක් දැරියයුතුය. මාසික දීමනා, දුරකථන දීමනා, පැමිණීමේ දීමනා පමණක් නොව ලිපි ද්‍රව්‍යත් කෑම බීමත් සදහා සියලු වියදම් දරන්නේ පළාත් පාලන ආයතනයයි . ඒ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් යෙදවීමට ඇති මුදල් ය. ආර්ථික අර්බුධය ක් පවතින මෙවැනි කාලයක මේ මුදල් නාස්තිය පවා නතර කලයුතුය. පළාත් සභා ඡන්දය වසර ගනනාවකින් පවත්වා නැත. නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් නැති නිසා රට අවුල්වූ බවක් පෙනෙන්නටනම් නැත. පළාත් පාලන සභිකයින් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් නැතිව වුවද රට ඉදිරියට ගෙනයාමේ හැකියාවක් ඇතතේය. ඔවුන් පත්කර ගැනීමෙන් සිදුවන්නේ රජයට අමතර වියදමක් දැරීමට සුදුවීමය.
නමුත් අද වනවිට විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ පළාත් පාලන සභික සංඛ්‍යාව අඩු කිරීමේ මුවාවෙන් ඡන්දය කල්දැමීමට රනිල් නූල් සූත්තර ගේමක් ගසන බවය. පළාත් සභා ඡන්දය ට කලදේම කිරීමට සැරසෙන බවය .රනිල් අගමැතිවරයා ලෙස සිටියදීම වැඩි කල පළාත් පාලන සභික සංඛ්‍යාව ගැන හිතන්න තිබුනේ එදා බවය.
දැන් මේ කයිවාරු කාරයන්ගෙන් අපටද ඇසියයුතු ප්‍රශ්න රැසක් ඇත. ජී එල් ලාගේ, ඩලස්ලාගේ නඩය කියන්නෙ රනිල්ට එදා ඒවරද කරන්න පෙර හිතන්න තිබූ බවය. දැන් ඒ වරද වරදක් ලෙස දකින්නේ දේශපාලන තක්කඩි කමකට බවය. ජී එල් ලා, ඩලස්ලා, විමල්ලා, ගෝඨා බලයට ගෙන ඒමට නොකල දෙයක් නැත. නමුත් දැන් ඔවුන් ගෝඨට එරෙහිව බොහෝදේ කියති. එසේනම් ඔවුන්ටද ගෝඨා බලයට ගෙන ඒමට පෙර ඒ වරද දකින්න තිබුනා නොවේද? එසේනම් ඔවුන්ද අද ගෝඨට එරෙහිව සිටින්නේ දේශපාලන තක්කඩිකමකටම නොවේද?
සජිත් ප්‍රේමදාස ඇතුලු නඩයටනම් පළාත් පාලන මැතිවරණය පනත සංශෝධනය පිලිබදව කතා කල හැක්කේ රෙදි ගලවා දමාගෙනය. ඔවුන් සියලුදෙනා ගේ කැමැත්ත ඇතිව ගෙන ආ සංශෝධනයේ අඩුපාඩු අද ඔවුන්ට නොපෙනුනත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හෝ අවබෝද වීම පිලිබදව සතුටු විය යුතුය. රටට බරක් වූ පළාත් පාලන සභිකයින් පිලිබදව ඇත්ත අවබෝධ ය ඇත්තේ රටේ ජනතාවට මිස ඊනියා දේශපාලන පක්ෂ වලට නොවේ.
මේ ප්රශ්නයේදී හොදම විහිලුකාරයන් වී ඇත්තේ ජ.වි.පෙ යයි. රනිල් හදන්නේ පළාත් සභා ඡන්දය කල් දැමූ ලෙසටම පළාත් පාලන මැතිවරණය ත් කල් දැමීමට බව ජවිපෙ කියයි. නමුත් පළාත් සභා ක්‍රමය හදුන්වා දෙනවිට ඊට එරෙහිව මරාගෙන මැරෙන ක්‍රමයකට ගියේ ජවිපෙ බව ජවිපෙ ට අමතක වෙලාය. පළමු පළාත් සභා ඡන්දයේදී පළමු ව ඡන්දය ප්‍රකාශකිරීමට යන තිදෙනා මරාදමන බව කීවේත්, එසේ කලේත් ජවිපෙ යයි. මැතිවරණ රාජකාරිවලට යන රජයේ නිලධාරීන්ද, දේශපාලන පක්ෂ නියෝජිතයින්ද මරාදමන බව කීවේත් ඔවුන් ය. "පලා බබා අපිට එපා' කීවේත්, පළාත් සභා සුදු අලියෙක් කීවේත් ජවිපෙ යයි. දැන් ඔවුන් අකමැති පළාත් සභා ඡන්දය නොපැවැත්වීම ගැන ඔවුන් සතුටු වියයුතුය. නමුත් දැන් ජවිපෙ කියන්නේ පළාත් සභා ඡන්දය කල්දමා රනිල් මහා අපරාධයක් කර ඇති බවය. මේ දෙබිඩ්ඩන්ගේ කතා ගැන රටේ ජනතාවගේ අවධානය යොමු විය යුතුය.