ඉදිරි සති දෙක තුළ පාන් පිටි මිල රුපියල් 250 දක්වා අඩු කිරීමට හැකිවන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කලේ ය. පාන් පිටි මිල පසුගිය කාලය පුරා ඉහළ ගිය අතර ,ඊට සමගාමීව පාන් මිල ඉහල ගිය ද පාන් මිල රුපියල් තුන්සියයක් බවට ගෙන ගිය බොරු ප්‍රචාර හේතුවෙන් ජනතාව පාන් පරිභෝජනය නතර කොට බත් ආහාරයට ගැනීමේ නැඹුරුවක් ද දක්නට තිබුනි.
වර්ථමානයේ දී භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත්තේ විමල් වීරවංශ ඇතුලු පිරිස් බලයට රැගෙන ආ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත රාජ්‍ය මුදල් කලමණාකරනය හේතුවෙනි . මීට පෙරද විමල් වීරවංශලාගේ සහයෝගය ඇතිව ගෙනගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේදී පිටි මිල රුපියල් දෙකකින් ඉහල දැමීමට සිදු වූ අවස්ථාවක විමල් වීරවංශ ප්‍රකාශ කලේ පිටි මිල ඉහල දමා ඇත්තේ ආර්ථික අවුලක් නිසා නොව පාන් පිටි ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට අවශ්‍ය නිසා බවයි.
පාන් පිටි පරිභෝජනයෙන් ජනතාව මුදාගෙන බත් ආහාරයට ගැනීමට පෙළබවීමක් ලෙස පිටි මිල ඉහල දැමූ බව විමල් වීරවංශ එදා ප්‍රකාශ කලේය. විමල් වීරවංශ ගේ එදා තියරිය අද වනවිට මහ පොළොවේ ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් වෙළඳ ඇමතිවරයා පාන් පිටි මිල අඩු කිරීමට කටයුතු කලහොත් ඊට එරෙහිව විමල් වීරවංශ උපවාසයක් ආරම්භ කරනු ඇති බවට ජනතාව ගේ විශ්වාසයක් පවතී. එසේ නොකරන්නේ නම් විමල් වීරවංශත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් ජාතියේ දේශපාලකයෙකු ලෙස ජනතාව ඉදිරියේ තවදුරටත් තහවුරු වනු ඇත.