රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඊයේ (29) ප්රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් මේවනවිට දේශපාලන ලෝකය තුල උණුසුම් කතාබහක් දක්වා වර්ධනය වී තිබේ. අරගල ක්‍රියාකාරීන් එක්ව සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡ්වේදී ඇය ප්‍රකාශකලේ ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙකුට ඇත්තේ සජිත් ප්‍රේමදාස බවයි. ජ.වි.පෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිස් ඇයගේ එම ප්‍රකාශයට ප්රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව විරෝධය දක්වා ඇති අතර ඇය ඉදිරි මහ මැතිවරණයේදි සමගි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කිරීමේ සූදානමක් ඇති බවද ආරංචි පැතිර යයි.
දමිතාගේ මෙම අලුත් ආගමනය සම්බන්ධයෙන් හිරුණිකා පේමචන්ද්‍ර කලබල වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයේ එකම වීර කාන්තාව ලෙස කිරුළු පලදින්න හීන මැවූ හිරුනිකාට, දමිතා හිසරදයක් බවට පත්ව ඇත.
පසුගිය කාලය පුරා දමිතා වෙනුවෙන් පෙනීසිටි හිරුනිකා මේ වනවිට දමිතාට එරෙහිව සටන දියත් කිරීමට පිඹුරුපත් සකස්කරමින් සිටින්නේ, පසුගිය මහ මැතිවරණයේදි ලැබූ පරාජය නිසා විය හැක.
කිසිම විටක දමිතා කොළඹ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂිකාවක් නොකරන ලෙසත්, අවශ්‍යමනම් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටීමට හිරුනිකා මේ වනවිටත් කටයුතු කරමින් සිටියි. නමුත් එජාප යෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කිරීමට සූදානමින් සිටින හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාට එරෙහිව සමගි ජනබලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට රැට්ටා ඉදිරිපත් කිරීමට සැලසුමක් ඇති බවත්, අරගල කරුවන් දෙදෙනෙකු එකම දිස්ත්‍රික්කයකට ඉදිරිපත් කල නොහැකි බව සමගි ජන බල වේගය තීරණය කලහොත්, හිරුණිකාගේ ඉල්ලීම ඉටුනොවනු ඇති බවත් දේශපාලන ආරංච්මාර්ග සදහන් කරයි.