දෙස් විදෙස් ගෞරවාදරය පාත්‍ර අග්‍රගන්‍ය චිත්‍රපට කැමරාවේදියෙකු වන ඩොනල්ඩ් කරුණාරත්නයන් අභාවප්‍රාප්ත වේ.
"අහසින් පොළොවට", "ගඟ අද්දර", "කරුමක්කාරයෝ", "යහළු යෙහෙළි", "මලට නොඑන බඹරු", "දඩයම", "මායා", "ක්‍රිස්තු චරිතය", "පොරොන්දුව" වැනි චිත්‍රපට ගණනාවකම කැමරාව මෙහෙයවූ ඔහුගේ මෑත භාගයේ දායකත්වය ලද චිත්‍රපට අතර "සක්කාරං", "ස්වරූප" සහ "වෛෂ්ණාවී" සුවිශේෂී වේ. හය වතාවක් ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ප්රශස්ත කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානිත වූ ඔහු පසුගිය ජනාධිපති සම්මාන උළෙලේ විශේෂ අභිනන්දන උපහාරයකින් පිදුම් ලැබීය. කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන කරුණාරත්නයන් සුමිත්‍රා පීරිස් සිනමා භාවිතාව තුළ වූ අග්‍රේසර චරිතය ලෙස නම් කිරීම අති සාධාරණ ය.
(සංස්කරණය කරන ලද සටහන සහ ජායාරුප දයාන් විතාරණ මහතාගේ Facebook පිටුවෙනි )