08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට


මෝසම් වර්ෂාවත් සමග පැමිණි ගංවතුර රට විනාශ කරන බැවින් පාකිස්තානය තවදුරටත් ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටින අතර මිනිසුන් උස්, වියලි බිම් සොයමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරයි. මෝසම් වර්ෂාවෙන් මියගිය සංඛ්‍යාව 1,033 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය පැය 24 තුළ 119 දෙනෙකු මිය ගිය බව පාකිස්තාන ජාතික  ආපදා කළමනාකරණ අධිකාරිය පවසයි.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනත් අය ආපදා ආයාචනයකට දායක වී ඇති නමුත් තවත් අරමුදල් අවශ්‍ය බව නිලධාරීහු පවසති.පකිස්තාන රජය උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් පවසයි.

"පකිස්ථානය ආර්ථික ප්‍රශ්න සමඟ පොරබදමින් සිටින අවස්ථාවක ,  මෝසම් ව්‍යසනයට ගොදුරු වීම ඉතා  අවාසනාවන්ත තත්වයක් බව සහන සේවා කණ්ඩායම් පවසයි.රටේ වයඹ දෙසින්, Khyber Pakhtunkhwa  පළාතේ ගංගා ඉවුරු බිඳීමෙන් බලවත් හදිසි ගංවතුර ඇති වීමෙන් පසු දහස් ගණනක් ජනයා තම නිවෙස් අතහැර පලා ගියහ.

23 හැවිරිදි ජුනයිඩ්  ඛාන් AFP  ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ “අපි වසර ගණනාවක් වෙහෙස මහන්සි වී ගොඩනඟා ගත් නිවස අපගේ ඇස් ඉදිරිපිට ගිලෙන්නට පටන් ගත්හ. "අපි පාර අයිනේ ඉඳගෙන අපේ සිහින නිවස ගිලෙන හැටි බලාගෙන හිටියා." ඔහු කණගාටුවෙන් පැවසීය.

රටේ ගිනිකොන දෙසින් පිහිටි Sindh පළාතට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර දහස් ගණනක් සිය නිවෙස්වලින් අවතැන් වී ඇත.

Foreign Media