දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට ස්ථිර නව කැබිනට් මණ්ඩලයක් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ව පත් කිරීමට නියමිත බව වාර්තා වේ.සර්ව පාක්ෂික වැඩපිළිවෙළ යටතේ මෙම නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඒ සදහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ලබන 30 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සියලු දේශපාලන පක්ෂ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවතියත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.
මෙම නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැනට අමාත්‍ය ධුර දරන මෙන්ම අමාත්‍ය ධූර දැරූ කිහිප දෙනෙකු ද සමගි ජන බලවේගයේ පිරිසක් ද ඇතුළත් වනු ඇති බව වාර්තා වන අතර ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ තමන් සමඟ ජව සම්පන්නව කටයුතු කළ හැකි පිරිසක් කැබිනට් මණඩලයට පත්කරන බවය.
-end