08 February 2023 00:00:00 AM Breaking News
වලං හෝදන්න ගෑනු යවන්නෙ නෑඝෝඨා ආයෙමත් ලෙෆ්ට්ගෑස් තවත් බහීWhatsApp බිඳ වැටේසුරා - සූදු බදු ඉහළටලංකාව ගොඩ ගන්නවනම් රනිල් තමයි, ඇමරිකාව කියයි"ඉටුකම" ගිණුමත් අහවරයි. සල්ලි දාන්න එපාමහ මැතිවරණයකට රනිල් සූදානම්රනිල්ගෙන් බැසිල්ට කනේපාරක්දෘශ්‍යාබාධිත පිරිසට ජනපති රැකවරණයලේ වගුරවන්න කතා කරන අය, බඩගින්න නිවන්න කතාකරන්න එන්නකාගෙ කාගෙත් මුඛ පූට්ටුවෙන පළාත් පාලන මැතිවරණයපාන් පිටි මිල අඩු කිරීම ගැන විමල්ගෙන් විරෝධයක්?සජිත්ට කලින් රනිල් පෑඩ් මෑන් වෙයිද?දමිතාට එරෙහිව හිරුණිකා සටනටIMF එකෙන් කොළ එලියක්මහා සිනමා ඇසක් දෙඇස් වසාගනී ........යුගයක් නිමාව ...... ගංවතුරින් මියගිය ගන්න 1033 දක්වා ඉහලට පිජන් ගේ වාර්තාව ජිමී ගේ නමට 'One -Shot' නිදහස් නව කැබිනට් මණ්ඩලය කල් යන ලකුණු එරංග සොයා පොලිසිය CSR වෙත ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි. ලාෆ් ගෑස් මිල පහළට2026 T20ය ශ්‍රී ලංකාවටගිනිගන්නා තායිලන්තය ගෝඨාභය ලංකාවට එයි ජැකලින්ටත් නඩුවක්?මිග් නඩුව කරලියට... උදයංග CID යට සේවා අපනයන ඉපැයීම් පිළිබඳ රෙගුලාසි සංශෝධනයක්අරගලයට සහය පළකර බ්‍රිතාන්‍යයේ ෆ්‍රේසර්ගේ පෙත්සම?බොරතෙල් මිල පහළට, මිල සංශෝධනයේ තීරණය..“යුවාන් වැන්ග් – 5” හම්බන්තොට ට REDS පිලට ශුරතාවය ක්‍රිකට් බලධාරීන් ගෙන් අර්ජුනට ගුග්ලියක් සිනී හොරුන්ට නීතිය තිත්ත වේද ?සල්මන් රුෂ්ඩි තරමක් ප්‍රහාරයට අපි සම්බන්ධ නෑ -ඉරානයසපුගස්කන්ද පිරිපහදුව ලබන සතියේ වැඩ ?හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම් නව අගමැති මේ සතියේ - මහින්ද බදාදා යයි ?මල්වත්තෙන් වාරණයක්

ජනපති "ජැකා" බලන්න මහ රෝහලට යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන හදිසියේම කොළඹ ජාතික රෝහල වෙත පැමිණියා. ඒ හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධරයෙකු, සිනමාවේදියෙකු සේම, ඉතිහාසඥයෙකුද වන ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහායි. 

රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වෙත ජැක්සන් ඇන්තනී වෙත ඉක්මන් සුවය  ප්‍රාර්ථනා කළ අතරම ඇන්තනී මහතාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහාම තමන් දැනුවත් කරන ලෙස එහිදී ඉල්ලා සිටියා. 

වෛද්‍ය ප්‍රතිකාර සේම ආගමික හා ආධ්‍යාත්මික ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් ජැක්සන් ඇන්තනී මහතාට සෙත් පතා ආගමික ආශිර්වාද වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන ලෙසද, ඊට සිය උපරීම සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා එහිදී ඇන්තනී මහතාගේ පවුලේ සාමාජිකයින්ට ප්‍රකාශ කලා. 

ඉන් අනතුරුව ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා හමුවූ ජනාධිපතිවරයා රෝහලේ අනෙකුත් රෝගීන්ට අවශ්‍ය, දැනට හිඟතාවය සහිත ඖෂධ කඩිනමින් සැපයීමට ක්‍රියාකරන බව පොරොන්දු වූ අතර දිවයින පුරා රෝහල් වල බෙහෙත් හිඟයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ගෙ ජීවිත සම්බන්ධයෙන් තමාට විශාල වගකීමක් ඇති බවද ප්‍රකාශ කර තිබේ.
 

රෝහලෙන් පිටතට පැමිණීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණ සිටි රෝගීන්ගෙන්ද සුවදුක් විමසා සිටියා.